Sri Lankan People

තරු පිරුණු රාත්‍රියක සිරි විසිතුරු

ටෙලි නාට්‍යකරුවන්ගේ මහා මංගල්‍ය හෙවත් රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය දා නිමාව දුටුවේ පුංචි තිරයේ දස්කම් විස්කම් පෑ තරු රැසක් අභිෂේක කරවමිනි.

අග්‍රාමාත්‍යතුමාගේ සහ මැති ඇමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දෝත දරා ගත්තේ ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් විසිනි. අරුංගල් වෙනුවෙන් ජයලත් මනෝරත්නයන් එසේ සම්මානනීය වෙද්දී ඉසුරු භවන ටෙලි නාට්‍යයේ අති විශිෂ්ඨ රංගනය වෙනුවෙන් දුලිකා මාරපන හොඳම නිළියට හිමි සම්මානය තමාගේ කර ගන්නට සමත් වුවාය.

ජනතා ප්‍රසාදයෙන් මෙවර ජනපි‍්‍රයම නළුවා වන්නට වරම් ලැබුවේ මුතු කිරිල්ලි හරහා පුංචි තිරය වර්ණවත් කළ මේනක රාජපක්‍ෂයි. ජනපි‍්‍රය නිළියට හිමි සම්මානය නෙහාරා පීරිස් දෝත දරා ගනිද්දී, ජනපි‍්‍රයම ටෙලි නාට්‍යට හිමි සම්මානය හිමිවුයේ ඉතිං ඊට පස්සේ සඳහායි.

සම්මාන උළෙලේ සුවිශේෂී සම්මාන රැසක් හිමි කරගත් ලලිත් රත්නායක අධ්‍යක්‍ෂණය කළ අරුංගල් මෙවර හොඳම ටෙලි නාට්‍ය ලෙස සම්මානනීය වීම විශේෂත්වයකි.

රයිගම් ටෙලි සම්මාන උළෙලේ දි ජීවිතයේ එක්වරක් පිදෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය මෙවර ගෞරවාන්විතව පුදනු ලැබුවේ ප්‍රවීණ රංගධරයකු වන කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ සහ රූපවාහිනි ඉතිහාසයේ ප්‍රථම වැඩසටහන් අධ්‍යක්‍ෂිකාව වූ නන්දා ජයමාන්න යන කලා ශිල්පීන්ටයි.

අවන්ති අපොන්සු හොඳම සහාය නිළිය ලෙස සම්මානනීය වද්දි රංජිත් ඩයස් හොඳම සහාය නළුවා ලෙස සම්මානීය විය.

පුංචි තිරයේ තරු රැසක් සම්මනනීය වූ රාත්‍රියේ සිරි අසිරියයි මේ.

 

 

 

රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලද්දෝ

 

ජූරියේ කුසලතා සහතිකය -

දක්‍ෂිකා කුලතුංග - ඔබ කවුද ටෙලි නාට්‍යයේ ‘ සාරා ‘ ගේ භූමිකාව - ස්වාධීන රූපවාහිනිය

ජූරියේ කුසලතා සහතිකය -

සසංක අමරවීර - ඉසුරු භවන ටෙලි නාට්‍යයේ මාධ්‍ය රූප හා සජීවිකරණය - ජාතික රූපවාහිනිය

ජූරියේ කුසලතා සහතිකය -

ශනුද්‍රි පි‍්‍රයසාද් - ‘ කඩදහි මල් ‘ ටෙලි නාට්‍යයේ ‘රුවනි’ ගේ භුමිකාව - ස්වර්ණවාහිනි

ජූරියේ කුසලතා සහතිකය -

නදී චන්ද්‍රසේකර - ‘ රිදී ඉට්ටංකරය ‘ ටෙලි නාට්‍යයේ ‘ උක්කු ‘ ගේ භූමිකාව - ජාතික රූපවාහිනිය

ජූරියේ කුසලතා සම්මානය -

විපුල විතාන ගමගේ - ‘මහෝඝය’ ටෙලි නාට්‍යයේ ‘ හේතුහාමි ‘ ගේ භූමිකාව - ජාතික රූපවාහිනිය

ජූරියේ කුසලතා සහතිකය -

විල්මන් සිරිමාන්න - ‘ ඉසුරු භවන ‘ ටෙලි නාට්‍යයේ ‘ගාමිණී’ ගේ භූමිකාව - ජාතික රූපවාහිනිය

ජූරියේ කුසලතා සහතිකය -

ජයන්තා රණවක - ‘ තෙරණී ගීතය’ ඒකාංගික ටෙලි නාට්‍යය මාලාවේ අංග රචනය - ස්වාධීන රූපවාහිනිය

ළමා රංග කුසලතා ඇගයීමේ සම්මානය -

මෞලි ෆර්ඩිනෑන්ඩු - ‘ අරුංගල් ‘ ටෙලි නාට්‍යයේ ‘ චන්ද්‍රරත්න ‘ ගේ භූමිකාව - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ට ඒකාංගික ටෙලිනාට්‍ය රංගන,

නිර්මාණාත්මක හා ශිල්පීය කුසලතා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය

තුසිත ද සිල්වා - ‘ මෙහෙව් රටේ ‘ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාව - ස්වාධීන රූපවාහිනිය

ජූරියේ විශේෂ කුසලතා සම්මානය

සුසිරන් ද සිල්වා - ඉසුරු භවන ටෙලි නාට්‍යයේ තිර රචනය - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනය

වසන්ත විට්ටච්චි - ‘ රිදී ඉට්ටංකරය ‘ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

ඇහැලියගොඩ සෝමතිලක - ‘

රිදී ඉට්ටංකරය ‘ ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශ්‍රව්‍ය පටිගත කිරීම

යොෂාන්ත නෙල්සන් - ‘ අරුංගල් ‘ ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ආලෝකකරණය සහ කැමරාකරණය

ධම්මික දිසානායක - ‘ අරුංගල් ‘ ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය

තරංග කුමාරසිංහ - ‘ අරුංගල් ‘ ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

සරත් වික්‍රම - ‘ අරුංගල් ‘ - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය

 

කුමාර ලියනගේ - ‘ අරුංගල් ‘ ටෙලි නාට්‍යයේ ‘ කරවුණු මල් සුඹුලේ ‘ ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා

සුනිල් එදිරිසිංහ - ‘ දෝණී ‘ ටෙලි නාට්‍යයේ ‘ ළමැද සෙනෙහෙබර ‘ ගීතය - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් - ‘ ඔබ කවුද ‘ ටෙලි නාට්‍යයේ ‘ ඔබ කවුද - ඔබ කවුද ‘ ගීතය ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා

රංජිත් සිල්වා - ‘ ඉසුරු භවන ‘ ටෙලිනාට්‍යයේ සිරිල් ගේ චරිතය - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය

අවන්ති අපොන්සු - ‘ ඉසුරු භවන’ ටෙලිනාට්‍යයේ ‘දයාශීලී’ ගේ චරිතය - ජාතික රූපවාහිනිය

වසරේ නැගීඑන ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය -

සුමිත් රත්නායක - ජාතික රූපවාහිනියේ විකාශනය වූ ‘ අංගානි ‘ ටෙලිනාට්‍යයේ ‘ සුබෝධ ‘ සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ ඔබ කවුද ‘ ටෙලිනාට්‍යයේ ‘ බාසුර’

වසරේ නැගීඑන ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය

උදයන්ති කුලතුංග - ‘ රිදී ඉට්ටංකරය ‘ ටෙලිනාට්‍යයේ ‘ පලිගු ‘ රන් සෙවනැලි’ ටෙලිනාට්‍යයේ ‘ නිකිනි ‘ සහ ‘ සිතක මහිම ‘ ටෙලිනාට්‍යයේ ‘ සුජාතා’- ජාතික රූපවාහිනිය

ජූරියේ විශේෂ කුසලතා සම්මානය

ගිරිරාජ් කෞෂල්‍ය - ‘ ඉසුරු භවන ‘ ටෙලිනාට්‍යයේ ‘ කුරුනේරු’ - ජාතික රූපවාහිනිය

ජූරියේ විශේෂ කුසලතා සම්මානය

දිමුතු චින්තක - ‘ ඉසුරු භවන ‘ ටෙලිනාට්‍යයේ ‘රාජා රාජසිංහ ‘ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය හාස්‍යෝත්පාදක රංගනය

පි‍්‍රයන්ත සෙනෙවිරත්න - ‘ ඉසුරු භවන ‘ ටෙලි නාට්‍යයේ ‘ සුමනපාල ‘ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය

‘සොඳුරු වසන්තය’ ඒකාංගික ටෙලි නාට්‍යය - නිෂ්පාදනය දිශාන්ති රත්නායක විතාරණ ස්වාධීන රූපවාහිනිය

වසරේ ජනපි‍්‍රයතම දීර්ඝ ටෙලිනාට්‍යය

‘ ඉතිං ඊටපස්සේ ‘ චන්දික විජේසේනගේ අධ්‍යක්‍ෂණයෙන්, ස්වාධීන රූපවාහිනී සේවයේ සහ නිල්වලා වීඩියෝ ටීම්, සම නිෂ්පාදනයක්

වසරේ ජනපි‍්‍රයතම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය

‘ ඉසුරු භවන ‘ජනක සුරංජිත් සහ සුසිරන් ද සිල්වා අධ්‍යක්‍ෂණය, වසන්ත කුමාරසිරි නිෂ්පාදනය - ජාතික රූපවාහිනිය

වසරේ ජනපි‍්‍රයතම ටෙලිනාට්‍ය නළුවා - මේනක රාජපක්‍ෂ

වසරේ ජනපි‍්‍රයතම ටෙලිනාට්‍ය නිළිය - නෙහාරා පීරිස්

2008 වසරේ සම්මානනීය නාලිකාව - ස්වාධීන රූපවාහිනිය

විශේෂ ප්‍රණාම සම්මානය - නන්දා ජයමාන්න මහත්මිය

විශේෂ ප්‍රණාම සම්මානය - බන්දුල විතානගේ ශූරින්

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය - කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය තිර රචනය

ලලිත් රත්නායක - ‘ අරුංගල් ‘ ටෙලිනාට්‍යය - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය නළුවා

ජයලත් මනෝරත්න - ‘ අරුංගල් ‘ ටෙලිනාට්‍යයේ ‘ සුගුණපාල - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය නිළිය

දුලීකා මාරපන - ‘ ඉසුරු භවන ‘ ටෙලිනාට්‍යයේ ‘ වයලට් ‘ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය

ලලිත් රත්නායක - ‘ අරුංගල් ‘ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය - ස්වාධීනරූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය

‘ අරුංගල්’ නිෂ්පාදනය සමන් පි‍්‍රයංකර - ස්වාධීන රූපවාහිනිය