Sri Lankan People
Home > News >

පින්නවල ජාතික පාසල සබරගමු දැල්පන්දු වාර්තාවක්‌ බිහිකරයි

රඹුක්‌කන පින්නවල ජාතික පාසල සබරගමුව පළාතේ ඉතිහාසගත වන වාර්තාවක්‌ පිහිටුවා තිබේ. එනම් පසුගියදා පැවැති සබරගමුව පළාත් ක්‍රීඩා තරගාවලියේදී දැල් පන්දු ශූරතා තුනක ප්‍රථම ස්‌ථාන පින්නවල ජාතික පාසල දිනා ගැනීමයි. වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන අංශ තුනේම ප්‍රථම ස්‌ථාන හිමිකරගෙන තිබේ. විදුහල්පති ජී. ඒ. ගාමිණී ජයතිස්‌ස මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රීඩා උපදේශිකා ආර්. එම්. මංගලිකා රත්නායක මහත්මියගේ කැප කිරීම මත මෙම තත්ත්වය ලබා ගැනීමට හැකිවූ බව "දිවයින"ට අදහස්‌ දක්‌වමින්, ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය විදුහල්පතිනි සී. විඡේන්ද්‍රd මහත්මිය ප්‍රකාශ කළාය. මෙහි දැක්‌වෙන්නේ එම ජයග්‍රාහී කණ්‌ඩායම්ය.

රඹුක්‌කන නිහාල් පුෂ්පකුමාර