Sri Lankan People
Home > News >

උපුල් ජයසිංහට තවත් බස්නායක නිළමේ පදවියක්

උපුල් ජයසිංහ කලා ලොවට ආගන්තුක චරිතයක් නොවේ. නිල්වලා එන්ටර්ටේන්මන්ට් ආයතනය ආරම්භ කරමින් ලාංකේය කැසට් ඉතිහාසයේ විප්ලවීය වෙනසක් ඇති කළ හෙතෙම ඉතාම ප්‍රකට සමාජ සේවකයකු ද වන්නේය.

රට, ජාතිය, ආගම වෙනුවෙන් කළ ඉමහත් සේවය අගයමින් තෛ‍්‍රයිනිකායික මහා සංඝරත්නයෙන් ගෞරව සම්මාන රාශියකින් පිදුම් ලැබූ උපුල් ජයසිංහ ඓතිහාසික සේරුවාවිල රජ මහ විහාරයේ වත්මන් බස්නායක නිළමේ පදවිය ද උසුලයි.

ඔහු පසුගියදා තවත් විශේෂ පදවියකින් පිදුම් ලැබීය. ඒ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පාරිශුද්ධියට පත් වූ ඓතිහාසික නාගදීප රජ මහ විහාරයේ බස්නායක නිළමේ තනතුරට පත් වෙමිනි.

ඒ පිළිබඳ සන්නස් පත්‍රය පසුගියදා මීගමුව අගුරුකාරමුල්ල මහ විහාරස්ථානයේදී පැවැත් වූ විශේෂ උත්සව සභාවේදී සමස්ථ ලංකා අමරපුර මහා සංඝ සභාවේ අඹගහපිටි පාර්ශ්වයේ මහ නායක ශ්‍රස්ත්‍රාචාර්ය අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස නා හිමිපාණන් වහන්සේ අතින් පිළිගන්වන ලදී.